නිවසට එළියක් වෙන්න හිටපු 19 හැවිරිදි පුතෙක් මුළු කොරලවැල්ලම අඳුරේ ගිල්වලා සදහටම නික්ම ගිහින්. මොරටුව කොරලවැල්ලේ පදිංචි සමිඳු නිර්මාල් ප්රනාන්දු කියන ඒ ආදරණීය පුතාගේ ජීවිත හීනය ඊයේ රාත්රියේ අධිබලැති විදුලි කණුවක් ළඟ අවාසනාවන්ත විදිහට නතර වුණා. ඊයේ රාත්රියේ යතුරුපැදියෙන් ගෙදර එමින් හිටපු සමිඳු, කොරලවැල්ල ලන්සියා පල්ලිය අසලදී කුඩා ලොරි රථයකට ඉස්සර කරන්න උත්සාහ කරලා තියෙනවා.
ඒත් ඒ තත්පරේ වෙච්ච පොඩි වැරදීමකින් යතුරුපැදිය පාලනය කරගන්න බැරිව විරුද්ධ මන්තීරුවට ඇදී ගිහින් අධිබලැති විදුලි කණුවක ගැටිලා තියෙන්නේ දෛවයේ දරුණු සරදමක් වගේ. බරපතල තුවාල ලැබූ සමිඳු රෝහලට අරන් යද්දිත් ඒ ආදරණීය පුතා මව්පියන්ව තනි කරලා සදහටම සමුගෙන අවසානයි. 19 හැවිරිදි වියේ පසුවුණු සමිඳුගේ මේ අකල් මරණය මව්පියන්ට වගේම මුළු පළාතටම දරාගන්න බැරි කම්පනයක් වෙලා තියෙනවා. තවමත් ලෝකය දකින්න පෙරුම් පිරූ, මව්පියන්ගේ ලෝකයම වුණු මේ පුතාගේ නික්ම යාම අපිට දෙන පණිවිඩය එකම එකයි. "මහමගදී ගන්න එක තත්පරයක වැරදි තීරණයක්, මුළු පවුලකම හීන සදහටම බොඳ කරන්න පුළුවන්."

0 Comments