කාලයත් එක්ක ආදරේ පරණ වෙනවා කියලා ගොඩක් අය කියනවා. ඒත් ඇත්තටම වෙන්නේ අපි ආදරේ “අලුත් කරන දේවල්” කරන එක නවත්වන එකයි. ඔයාගේ සම්බන්ධය හැමදාම ෆ්‍රෙෂ් (Fresh) පිට තියාගන්න නම්, අඩුම තරමේ මාසෙකට සැරයක්වත් මේ දේවල් 7 කරන්නම ඕනේ..
1. ළමයි නැති, ෆෝන් නැති 'Real Date' එකක් ໖໖໑ (Go on a Real Date) ළමයි, ගෙදර ප්‍රශ්න, ඔෆිස් වැඩ සහ, ෆෝන් දෙක පැත්තකින් තියලා, දෙන්නා විතරක් නිදහසේ එළියට යන්න. එකිනෙකාගේ මූණ බලාගෙන, ඉස්සර පළවැනි පාර හම්බවෙලා කතා කරා වගේ කතා කරන්න. විවාහය කියන්නේ වගකීම් විතරක් නෙවෙයි, ආදරණීය මතකයන් එකතු කරගැනීමක්. 2. පොඩි “ගැම්මක්” තියෙන දෙයක් කරන්න (Do Something with Adrenaline) කන්දක් නගින්න, උසකින් පනින්න, Horror ෆිල්ම් එකක් බලන්න, රෝප් එකක එල්ලිලා යන්න, Karting යන්න එහෙම නැත්නම් දෙන්නත් එක්ක පොඩි ඇඩ්වෙන්චර් ගමනක් යන්න. හිතට දැනෙන ඒ “පොඩි බය” (Adrenaline Rush) සහ ත්‍රාසය ඔයාලගේ ආදරේ ආයේ පත්තු කරනවා. 3. අරමුණක් නැතුව කතා කරන්න ඇඳට වෙලා, ෆෝන් ඔබන්නේ නැතුව නිකන්ම අතින් අල්ලගෙන කතා කර කර ඉන්න. හිනාවෙන්න, නිශ්ශබ්දව ඉන්න. ඇඟට විවේකයක් දෙන ගමන්, හදවත් දෙක ආයෙත් කනෙක්ට් (Reconnect) කරගන්න හොඳම වෙලාව මේක. 4. අලුත් දෙයක් අත්හදා බලන්න (Try Something New)+ කවදාවත් නොගිය කඩේකින් කන්න. අලුත් ස්කිල් (Skill) එකක් දෙන්නම ඉගෙන ගන්න. ආදරේ කරන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න. පුංචි දෙයක් වුනත් ඒ “වෙනස” (Novelty) ජීවිතේට ලොකු එළියක් සහ පුදුමයක් (Surprise) ගේනවා 5. හිතන්නේ නැති වෙලාවක ආදරේ පෙන්නන්න වෙනදට වඩා හයියෙන් බදාගන්න. වැඩක ඉන්න වෙලාවක “මම තවම තෝරගන්නේ ඔයාවමයි˝ කියලා පොඩි Voice note එකක් දාන්න. මේ පුංචි දේවල් වලින් තමයි නොබිඳෙන විශ්වාසයක් සහ ආදරයක් ගොඩනැගෙන්නේ. 6. එයාව හොදට හිනස්සන්න හාස්‍යය කියන්නේ හොද සබදතාවයකට අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා මාසෙකට පාරක් වත් හොද ජෝක් එකක් හරි, හොද කතාවක් හොයා ගෙන, ඔයාගේ එයාව හොදට හිනස්සන්න. දෙන්නත් එක්ක බිම පෙරලි පෙරලි හිනා වෙන ගානට, මේ වැඩේ වෙන්න ඕනේ. 7. කවදාවත් අහපු නැති අමුතු ප්‍රශ්නයක් අහන්න කොච්චර හොද පොතක් වුනත්, කියවල ඉවර උනාම එපා වෙනවා. ඒ වගේම තමයි ආදරයත්. ඇත්තටම මේ ලෝකේ ආදරය කියලා දෙයක් නෑ, තියෙන්නේ අනෙකා ගැන කුතුහලය පමණයි. කුතුහලය ඉවර වුන දවසට‚ ආදරය මැරෙනවා. ඒ නිසා කවදාවත් එහෙම වෙන්න දෙන්න එපා. මාසෙකට සැරයක් වත්, එයාගෙන් අමුතුම ප්‍රශ්නයක් අහන්න. ඔයාගේ අමුතුම පැත්තක් එයාට පෙන්වන්න. ඔයා කියන්නේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි පොතක් කියලා එයාට දැනෙන්න දෙන්න. බෝනස් ටිප් එක – මාසෙකට පාරක් වත් උපන් ඇදුමෙන්, දෙන්නාට දෙන්නා දැනෙන්න හරින්න. මේ කියන්නේ අහවල් දේ කරන්න කියන එක නෙවෙයි,මෙතැනදී වැදගත් වෙන්නේ දෙන්නට දෙන්නා දැනීම. එතකොට ඔයාට තේරෙන්න ගන්නවා‚ හදවතේ රිද්මයේ ඉදලා, එයාගේ ශරීරයේ අගලක් අගලක් ගානේ අයිතිය තියෙන්නේ ඔයාට කියලා. ඒත් එක්කම දෙන්නගේ ආදරයත් සිය දහස් ගුණයකින් වැඩි වේවි..

0 Comments